තාත්තව බදාගෙන, හිටගෙන, බාගෙට නිදන් උන්න කිරිසප්ප කෙල්ලයි කොල්ලයි.
කොල්ලට අවුරුදු 5ක්, කෙල්ලටත් 7ක් ඇති අඩු මිසක් වැඩි නෑ.
පොඩි කොල්ලා බාගෙට ඇරුනු ඇස් දෙකෙන් මා දිහා බලන් හිටියෙ හරියට, අපි කන්න අතට ගත්ත කෑමක් දිහා බලන් ඉන්න බඩගිනි වෙච්ච පුංචි බලු පැටියෙක් වගේ.
එක පාරම මම නැගිට්ට නෙමෙයි, ඉබේම නැගිට්ටුනේ, පොඩි උන්ගෙ තාත්තගෙ අතට තට්ටුවක් දාන ගමන්.
ඒ සැනින් නින්දෙන් නැගිට්ට පොඩි උන් දෙන්න තාත්තගෙ මූනෙන් අවසරය අරගෙන මගෙන් හිස් වෙච්ච සීට් එක උඩට පැන්නෙ නින්දෙන්මමද කොහෙද...
වැටුනු ටිකට නිදාගත්ත අක්කට, හේත්තු වුන පොඩි කොලුවා,
උගේ ඉස්සරහ ඇන්දෙ වැටුනු දත් දෙක අතර හිඩසට දිව තද කරල,
මට පුංචි හිනාවකින් සංග්‍රහ කරල එහෙම්මම නින්දට වැටුනා.
ලමයින්ට ඉස්කෝලෙට එන්න පැය දෙක තුනක් ගතවෙන මහා වේදනාකාරී අධ්‍යාපන රටාවක් තියෙන එක නම් පාපයක්.. වැඩේ තියෙන්ෙන මේ අයහපත් ක්‍රමේ වෙනස් කරන්න ගියොත් ඒකට එරෙහි වෙන අටෝ රාසියක් කස්ටිය ඉන්නවා..
ReplyDelete