Tuesday, October 4, 2011

ඔබ තවමත් ජීවතුන් අතර..

ඔබ ගමන් කරන්නේ

හදවතේ දැවෙන ආශාවකින් නම්

ඔබ තවමත් ජීවතුන් අතර..

ඔබ ගමන් කරන්නේ

දෙනුවන්හි පුරවාගත් සිහින පුලිඟුත් සමඟ නම්

ඔබ තවමත් ජීවතුන් අතර...

සැඩ පවන් රොදක් සේ

නිදහසේ ජීවත් වන්න ඉගෙන ගන්න

සැඩ ජල පහරක් සේ

නිදහසේ ගලා යන්න ඉගෙන ගන්න

දෙඅත් විහිදා සෑම මොහොතක්ම වැලඳ ගන්න

සෑම නව මොහොතකම මේ දෑස් නව ඍතුවක

පහස සෙවිය යුතුය.

ඔබ ගමන් කරන්නේ

ඔබේ දෙනුවන් හි කලබලකාරීත්වයත් සමඟ නම්,

ඔබ තවමත් ජීවතුන් අතර..

ඔබ ගමන් කරන්නේ

හදවතේ දැවෙන ආශාවකින් නම්

ඔබ තවමත් ජීවතුන් අතර..

Tho Zinda Ho Thu - Zindagi Na Milegi Dobara [සිංහල පරිවර්තනය]

Sunday, July 24, 2011

මා ප්‍රියතම රුවන් වැකිය

ඔබ ජීවිත කාලය තුළදී සිදුකරන මොන යම් හෝ දෙයක් කිසිම වැඩකටනැති මහා ප්‍රෝඩාවක් විය හැකියි, නමුත් වඩා වැදගත් වන්නේ එය ඔබ විසින් ඉ‍ටු කිරීමයි.මන්දයත් ඔබම එය නොකෙරුවොත් වෙන කිසිවෙකුත් එය කිසිදා සිදු නොකරනු ඇත. - මහත්මා ගාන්ධි

Monday, July 18, 2011

"baby.. baby."ජේසුගේ ශ්‍රි ගල් ලෙනේ යාච්ඤාව"

11.13
දුම්රිය විනාඩි 3යි ප්‍රමාද,
සුපුරුදු පරිදි දකුණු කකුල මැදිරිය තුළ
වම් කකුල පා පුවරුවේ පළමු පඩිය මත
දකුණත ඇගිලි 4ක් මගී ආධාරක අවුරුව වෙලාගෙන
වමත නිදහසේ වේගයෙන් ගලායන පවන් රොද තුළ
ඉදිරි දර්ශනය තැඹ්ලි පැහැති අඩක්ම නිදාබර වූ එකම දිග අසුන
බැලූ බැල්මට එක ලෙසම නෙත් වශී කරන දෙදෙනෙක් දෙපලක
පැලලිලි කිසිවක් රහිත දිගු ලා දුඹුරු කොන්ඩයන්, දෙකකුල් කිටි කිටියේ හිරකරන ඩෙනිම් කලිසම්,
විනාඩියට 40 ස් වතාවක්වත් ඒ දෙපල රස විඳින දකුණු පා පුවරුවේ පාසල් කොලු ‍රැළ.
එකකුගේ කන වෙලාගෙන ඇබ දෙක මුමුනනු ඇසේ "baby.. baby..."
තවකෙකු එක හුස්මේ කියවයි පොඩි පොතක්, "ජේසුගේ ශ්‍රි ගල් ලෙනේ යාච්ඤාව"

Pages